fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 60 කට පසු චිලී රාජ්‍යයට දරුණු නියඟයක්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 15:31

වසර 60 කට පසු චිලී රාජ්‍යයට දරුණු නියඟයක්

වසර 60 කට පසුව දරුණුතම නියඟයක් චිලී රාජ්‍යයට බලපා තිබෙනවා.

මධ්‍යම චිලී නගර වැසියන්ට පානීය ජලය සපුරා ගැනීමට පවා දැඩි අපහසුතාවක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. මිලියන 18 ක් පමණ වන ජනතාවක් ජීවත් වන චිලී රාජ්‍යයේ සැන්ටියෑගෝ නගරයට ද නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එරට කාලගුණ අංශ පවසන්නේ 2030 වසර වන විට සැන්ටියෑගෝ නගරයේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි බවයි. නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සතුන්ට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර කෘෂිකාර්මික කටයුතුවලට ද හානි සිදුව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්