fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණී සෙනරත් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 08

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 11:43

ගාමිණී සෙනරත් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 08

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති නඩුවේ තීන්දුව ලබන මස 08 වනදා ප්‍රකාශයට පත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද දින නියම කළා.

සම්පත් අබේකෝන්,  සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැදවූ අවස්ථාවේ මෙය ප්‍රකාශයට පත් කෙරුණේ. ගාමිණී සෙනරත්,  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙල්න්කෝ හොටෙල්ස් පුද්ගලික් සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා පොදු දේපල පනත, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ කියවෙන වැරදි සම්බන්ධයෙන් අධිචෝදනා ගොණු කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්