fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයේ කොළරා රෝගීන් හාරලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසක් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 11:36

යේමනයේ කොළරා රෝගීන් හාරලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසක් වාර්තා වෙයි

යේමනයේ මෙම වසරේ ගත වූ මාස 6 තුළ කොළරා රෝගීන් හාරලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසක් වාර්තා වි ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසනවා.

ඉන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ළමයින් බවයි වාර්තා වන්නේ. මෙම වසරේ දී කොළරා රෝගය වැළදීම හේතුවෙන් දරුවන් 193 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වනවා. රෝගීන් 705 දෙනෙකු කොළරා රෝගය හේතුවෙන් මෙම වසර තුළදී මියගොස් තිබෙනවා. පසුගියදා යේමනයට බලපෑ ගංවතුර තත්ත්වයත් සමග කොළරා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම මරණ සංඛ්‍යාව වැඩි වි ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්