කෘෂිකාර්මික ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.
කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට පහසුකම් සැපයීමත් ඊට අයත්. ඔවුන්ගෙන් සිදුවන සේවාව ඇගයීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ වනවිට ඔවුන්ට ලබාදෙන ගමන් ගාස්තුව රුපියල් 600 ක්. එය රුපියල් 800 දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. රටේ අවශ්‍යතාව අනුව නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.