ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවරට හදිසි ජලගැලිම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ඊයේ ඇමෙරිකාවේ වොෂිංටන් වේලාවෙන් උදෑසන 09 සිට ඇද හැලුණු වාර්ථාගත වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ. පැයක කාලයක් මිලිමීටර් 84 ක වර්ෂාපතනයක් එම නගරයට ඇද හැලී තිබෙනවා. ආලින්ටන් , වර්ජිනියා ඇතුළු ප්රදේශවලටද මිලිමීටර් 127 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්. මේ හේතුවෙන් මාර්ග රැසක් සහ උමං දුම්රිය මාර්ගද ජලයෙන් යටවී තිබෙනවා.