fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොණරාගල අලියාවත්ත රක්ෂිතයට ගිනි තැබූ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 09:39

මොණරාගල අලියාවත්ත රක්ෂිතයට ගිනි තැබූ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

මොණරාගල අලියාවත්ත රක්ෂිතයට ගිනි තැබූ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු සහ කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. ඔවුන් අද දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මොණරාගල අක්කර 08 අලියාවත්ත රක්ෂිතයේ ගින්නක් හට ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමීමට හැකිවුණා. මේ අතර ඊයේ රාත්‍රියේදී  පිලියන්දල සහ කිරිඇල්ල යන ප්‍රදේශවලදීද  හදිසි ගිනිගැනීම් සිදුව තිබෙනවා. ඉන් කිසිවෙකුටත් හානියක් නැහැ.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්