fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවුදි ගුවන් තොටුපොළකට යේමන කැරලිකරුවන්ගෙන් ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 09:42

සවුදි ගුවන් තොටුපොළකට යේමන කැරලිකරුවන්ගෙන් ප‍්‍රහාරයක්

සවුදි ගුවන් තොටුපොළකට ප‍්‍රහාර එල්ල කළ බව යේමන කැරලිකරුවන් ප‍්‍රකාශ කළා.

විදුලිබල උත්පාදන මධ්‍යස්ථානයක් ඔවුන්ගේ ඉලක්කයවී තිබෙනවා. නියමුවන් රහිත යානයකින් එම ප‍්‍රහාරය එල්ල කළ බවයි කැරලිකරුවන් පෙන්වා දුන්නේ. 2015 වසරේ සිට සවුදිය ප‍්‍රමුඛ ඒකාබද්ධ ආරක්ෂක අංශ යේමනයේ ත‍්‍රස්තවාදී ඉලක්ක වලට ප‍්‍රහාර එල්ල කරනවා. ඉන් විශාල පිරිසක් මිය ගියා. ලොව බරපතලම මානුෂීය අර්බුදයක් ඒ හේතුවෙන් නිර්මාණයවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කෙසේවෙතත් ප‍්‍රහාරය සාර්ථක නොවූ බවයි සවුදි ආරක්ෂක අංශ පෙන්වා දුන්නේ. ඩ්‍රෝණ යානයට ඉලක්කය ළඟාවීමට හැකිවී නැහැ. ඊට පෙර එය විනාශ කළ බවයි සවුදි ආරක්ෂක අංශ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්