fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයකට අද සහ හෙට ජල සැපයුම අත්හිටුවීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 09:27

ප‍්‍රදේශ කිහිපයකට අද සහ හෙට ජල සැපයුම අත්හිටුවීමක්

පැය 10 ක කාලයක් ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ අද පෙරවරු 10 සිට රාතී‍්‍ර 8 දක්වා. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද හා නාගොඩ ප‍්‍රදේශ ඊට අයත්. කලුතර අල්විස් ප‍්‍රදේශයේ ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් සිදුකිරීමයි ඊට හේතුව.
මේ අතර භෙට පෙරවරු 9 සිට බ‍්‍රහස්පතින්දා පෙරවරු 9 දක්වා පැය 24 ක් හෝකන්දර ප‍්‍රදේශයට ජල සැපයීම අත්හිටුවීමටයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබෙන්නේ. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප‍්‍රදේශ, මහරගම සහ බොරලැස්ගමුව ඇතුලු ප‍්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ එම කාලය තුළ ජලය සම්පාදනය කරන බවයි මණ්ඩලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්