fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිසරය රැක ගැනීමේ ප්‍රමුඛ යුතුකම ඉටු කිරීමට හරිත සමාජ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 18:56

පරිසරය රැක ගැනීමේ ප්‍රමුඛ යුතුකම ඉටු කිරීමට හරිත සමාජ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

දේශපාලන භේදයකින් තොරව පරිසරය රැක ගැනීමේ ප්‍රමුඛ යුතුකම ඉටු කිරීමට හරිත සමාජ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. හරිත සමාජ සංකල්පය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කලා.

2019 අයවැයේ තවත් යෝජනාවක් මල්ඵල ගන්වමින් ප්‍රජා මූලික පරිසර සංරක්ෂණ වැඩසටහනක් වන හරිත සමාජ ආරම්භ කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදු කෙරුණා. පරිසරය ආරක්ෂා කිරීම සදහා ප්‍රජාව බලගැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 450ක්.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය මෙහිදී ප්‍රධාන දේශනය සිදු කළා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්