පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රහිම් මොහොමඩ් ඉන්සාබ් නැමැත්තාට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නමැති සේවකයා ලබන 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ. ලබන 15 වනදා පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නියම කෙරුනා.