fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි නව ප්‍රධාන විධායක නිලධාරියාගෙන් අගමැතිට ලිපියක්

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 19:04

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි නව ප්‍රධාන විධායක නිලධාරියාගෙන් අගමැතිට ලිපියක්

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වූ සියෑන් කේන් ක්‍රෝස් මහතා ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කරන බව සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි ප්‍රතිලාභී රටක් ලෙස තෝරාගෙන ඇති ශ්‍රී ලංකාවට අදාළව ඉදිරියේදී සමීප ලෙස කටයුතු කිරීමට යොමු වන බවයි සියෑන්ක්‍රෝස් මහතා සඳහන් කර ඇත්තේ. ප්‍රවාහනය හා භූමි පරිපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ගැටලු අවම කර ගැනීම සඳහා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නියෝජිත ආයතනය සහයෝගය දක්වනු ඇති. ඊට අදාළ ගිවිසුම සඳහා වෙන් කිරීමට යෝජිත මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක්. මෙරට ජනතාවගේ අභිවෘද්ධිය තහවුරු කරමින් දිළිඳුබව තුරන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටිනවා. සියෑන්ක්‍රේන්ක්‍රෝස් මහතා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය මස 24 වනදායි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 19:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්