fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා සංචාරයේ වියදම් අඩුකිරීමට පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයාගෙන් සැලසුම්

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 15:38

ඇමරිකා සංචාරයේ වියදම් අඩුකිරීමට පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයාගෙන් සැලසුම්

ඇමරිකා සංචාරයේ වියදම් අඩුකිරීමට පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව වොෂිංටන් නුවර මිල අධික හෝටල් තුළ රැදී සිටීම ඔහු ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමරිකාවේ වොෂිංටන් හි පිහිටි පාකිස්ථාන තානාපති කාර්යාල නිල නිවස එම කාලසීමාව තුළ භාවිත කිරීමට ඉම්රාන් ඛාන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉම්රාන් ඛාන් දින තුනක සංචාරයක් සඳහා ලබන 21 වනදා පිටත්ව යාමට නියමිතයි. අර්බුදයට ලක්ව ඇති පාකිස්ථාන ආර්ථිකය නඟා සිටුවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇමරිකා ඩොලර් බිලියන හයක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්