ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා පන්තියට එක් වූ පී.625 නෞකාව කොළඹ වරායට සේන්දු වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් පුළුල් කිරීම වෙනුවෙනුයි චීන රජයෙන් මෙම නෞකාව ලබා ගත්තේ.
කොළඹ වරායට සේන්දු වූ නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගනු ලැබුවා. නාවික හමුදාපකි වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් සූයුවාන් මහත්වරුන් එම අවස්ථාවට එක්වුණා. නාවික හමුදාපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකාව නිරත වූ අතර නෞකාවේ ක්‍රියාකාරිත්වය , මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳ එහිදී අවධානය යොමු කෙරුණා. නෞකාව නුදුරේදීම අධිකාරියට පත් කිරීමට නියමිතයි.
1994 වසරේ නිෂ්පාදිත මෙම නෞකාව දිගින් මීටර 112 ක් සහ පළලින් මීටර 12.04 ක් වනවා. එහි ධාරිතාව ටොන් 2300 ක්. නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් නෞකාවේ රාජකාරිවල නිතරව සිටිනවා. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් ,සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත යාත්‍රා වෙත සහන සැපයීම සඳහා පී 625 නෞකාව යෙදවීමට නියමිතයි.
ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=0vOTZEFWY9c&feature=youtu.be&fbclid=IwAR3ZvYHiM9p7Qc-YFAxJz4sIcPAQaMkUfsmqS81yyqf_iHWZsZX2vnnEKKg”]