ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්රධානී කුසුම්දාස මහානාම සහ රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අය ඇප මත මුදා හැරීමට ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. ඒ කෝටි දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීම ඇතුළු චෝදනා 24 ක් යටතේ සැකකරුවන්ට අධි චෝදනා භාර දීමෙන් අනතුරුවයි.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්ර සූත්ර සහ ගොඩනැගිලි පවරා දීමේ අනුමැතිය ලබාදීමට ඉන්දීය සමාගමකින් අල්ලස් ලබා ගැනීමට සැකරුවන්ට එරෙහි චෝදනාව වූයේ. නඩුව අද කැදවූ අවස්ථාවේදී සැකකරුවන් රුපියල් ලක්ස 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණා. නඩුව ලබන 22 වනදා යළි කැදවීමට නියමිතයි.