ශ්‍රී ලංකා කණ්ඩායම නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අටවන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
එංගලන්ත කණ්ඩායමයි එහි පළමු ස්ථානය ගෙන තිබෙන්නේ. දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය ඕස්ට්‍රේලියාවටත් හිමිව තිබෙනවා. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානය ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලිට හිමි වුණා. රෝහිත් ශර්මා එහි දෙවන ස්ථානයටත්, පාකිස්තානයේ බාබර් අසාම් තුන්වන ස්ථානයටත් පත්ව තිබෙනවා. මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය හෙට මැන්චෙස්ටර්හිදි පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි.