ඉන්දුනීසියාවේ මලුකු දිවයිනේ ප්රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් පරිමාණ ඒකක 6.9ක ප්රභලත්වයකින් යුත් මෙම භූ කම්පනය හට ගැනුණේ කිලෝමීටර 36 ක් ගැඹුරු මුහුදේයි. භූ කම්පනය සිදුවූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කළා. මේ වන විට එම අනතුරු ඇගවීම් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.