කුරුණෑගල ඒදණ්ඩාවල ප්රදේශයේ පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් කැනීම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල පොලිසියට ලැබුණු තොරතුරක් මතයි.
පුරාවස්තු කැනිම් සඳහා යොදාගන්නා උපකරණ කිහිපයක් ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් කුරුණෑගල සහ දඹුල්ල ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය ප්රකාශ කළේ. සැකකරුවන් අද කුරුනෑගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.