එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ විනිසුරුවන් ප්‍රකාශකට පත් කර තිබෙනවා.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. එම තරගයේ විනිසුරුවන් ලෙස රිචර්ඩ් ඉලින්ගවර්ත් සහ රිචර්ඩ් කොට්ල්බ්රෝ පත් කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සඳහන් කළේ.
දෙවන අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අතර එහි විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ මාරිස් එරාස්මුස් කටයුතු කරනු ඇති. පළමු අවසන් පුර්ව තරගයේ තුන්වන විනිසුරු වශයෙන් කටයුතු කරන්නේ රෝඩ් ටකර්ය.