214 වන උදා ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරෙනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති එය සොබාසිරිපුර ලෙසයි නම්කර තිබෙන්නේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්මානය ජනතා අයිතියට පත්කරන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප්‍රකාශ කළේ.
අවිස්සාවේල්ල කොටහැර ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අවතැන්වූ පවුල් සඳහා මෙම නව ගම්මානය ඉදිකර තිබෙන බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.
රට පුරා ආදර්ශ ගම්මාන 2535 ක ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. පසුගිය වසර හතරහමාර තුළදී ඉන් ප්රතිලාභ හිමිවු පවුල් සංඛ්‍යාව තිස් හත් දහසක්.