fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව පුරා විද්‍යා භූමියේ මාර්ග ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 18:22

පොළොන්නරුව පුරා විද්‍යා භූමියේ මාර්ග ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

පොළොන්නරුව පුරා විද්‍යා භූමියේ මාර්ග ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 55ක්.

පොළොන්නරුව පුරාවිද්‍යා භූමියේ පිහිටි ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ලම මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සිදු කෙරෙන ව්‍යාපෘතියට මූල්‍යාධාර ලබා දෙන්නේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයයි. ලබන මාසය වන විට සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම සැලසුමයි. ගල්විහාර පරිශ්‍රය ආශ්‍රිත මාර්ග, තිවංක පිළිමගෙය දක්වා පිවිසෙන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo