fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානය න්‍යෂ්ටික ගිවිසුම කඩ කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 17:58

ඉරානය න්‍යෂ්ටික ගිවිසුම කඩ කරයි

2015 වසරේ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුම අද කඩ කරන බව ඉරානය නිවේදනය කළා.

යුරේනියම් බලගැන්වීම සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබූ න්‍යෂ්ටික ගිවිසුම මෙලෙස කඩ කරන බවයි ඉරාන රජය සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම ගිවිසුම නැවතත් පනගැන්වීම සඳහා අනෙක් පාර්ශ්ව සුදානම් නම් තමන්ද සුදානම් බවයි ඉරාන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරක්චි සඳහන් කරන්නේ. යුරෝපීය රටවල් තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාර දක්වා නැති බැවින් ගිවිසුම කඩ කිරීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.

ඉරානය සමග ඇතිකරගෙන තිබූ න්‍යෂ්ටික ගිවිසුම ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේදී ඒකපාර්ශ්වික ලෙස ඉවත් කර ගත් අතර ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට කටයුතු කළා. මේ හේතුවෙන් ඉරානයේ දැඩි උද්දමනයක් ඇති වී තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. තමන් න්‍යෂ්ටික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ සිවිල් බලශක්ති අවශ්‍යතා සදහා මිස න්‍යෂ්ටික අවි සදහා නොවන බවයි ඉරාන රජය පසුගිය කාලසීමාවේදී කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්