පිරිවෙන් අධ්‍යාපනය තුළ මෙහෙණින් වහන්සේගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉඩක් ලබා දීමට පළමුවරට කටයුතු කළේ වත්මන් රජය බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කුලියාපිටිය බෙරුවැව ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පලකලා.
කුලියාපිටිය, ඉලුක්හේන බෙරුවැව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පිවිසුම් වාහල්කඩ, විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පුස්තකාලය සහිත දෙමහල් ධාතු මන්දිරය අභිනව සංඝාවාසය හා ශ්‍රී විෂ්ණු දේවාලය සසුනට පූජා කිරීම ද මෙහිදී සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය බෙරුවැවේ සුගතාඥාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SN7kLVwLNbU”]