ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලට හෙට දිනයේදී දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය ඇතැම් විට අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් විමසිල්මත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ස්ථානවල රැදී සිටීම අත්‍යවශ්‍ය වනවා. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම මෙන්ම කුඩා ළමයින් වාහන තුළ තනිව රදවා නොයන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.