fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 14:46

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පනස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

ඇෆ්ගනිස්තානයේ ගස්නි පළාතේ ජාතික ආරක්ෂක ස්ථානයකටයි ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. එම ආරක්ෂක අංශයේ නිලධාරින් අට දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයකට එල්ල වී ඇති මෙම ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය භාර ගෙන තිබෙනවා. ඇෆ්ගනිස්ථාන බලධාරීන් සහ තලෙයිබාන් සාමාජිකයන්  පිරිසක් අතර දින දෙකක සාකච්ඡාවක් සෞදි අරාබියේ දෝහා නගරයේදී පැවැත්වුණා. එම සාකච්ඡා අතරතුර  එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්