මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ගේ සියලු ජාතික හැදුනුම්පත් ලබන සැප්තැම්බර් මාසයේදී නිකුත් කර අවසන් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
අයදුම්පත් වලින් 90% ක් පමණ මේ වනවිට ලැබී ඇති බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ. වසරකට සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කෙරෙනවා.
මේ අතර පසුගිය දිනවල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්වයට පත්කළ බව කොමාසරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව එක්දින සේවය ද ඇතුලු හැදුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවා අද සිට සාමාන්‍ය පරිදි සිදුවන බවයි ගුණතිලක මහතා ප්‍රකාශ කළේ.