වැල්ලවාය මූලික රෝහලේ නව වකුගඩු රෝගී සායන මධ්‍යස්ථානය සහ රුධිර කාන්දුකරණ ඒකකය ඇතුළු මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. මොණරාගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගී ජනතාවගේ ප්‍රතිකාර සහ සායනික සේවාවන් ඉහළ නැංවීම මෙහි අරමුණයි. රුපියල් මිලියන 36ක මුදලක් මේ සදහා වැය කර තිබෙනවා. මීට අමතරව රුපියල් මිලියන 23ක වියදමින් ජල පෙරණ පද්ධති 19ක් ස්ථාපිත කිරීම, අඩු ආදායම් ලාභී පවුල් 1600කට වස විසෙන් තොර දේශීය සහල් සලාක බෙදා දීම , වකුගඩු රෝගයෙන් පීඩා විදින පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මොණරාගල මහරෝහල වෙත රුපියල් ලක්ෂ සියයක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ජනාධිපති අරමුදලේ 40 වන සංවත්සරය වෙනුවෙනුයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකළ මොනරාගල දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝප දේශන මධ්‍යස්ථානය විවෘත කිරීමට ද ජනාධිපතිතුමා එක්වුණා. මෙරට විරැකියා ගැටලුවට ස්ථිර විසදුමක් ලබා දෙමින් දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ව්‍යවසායකයන් බිහි කිරීම හා රැකියා පිරිනැමීම අරමුණු කරගෙනයි ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශ ආයතනය ක්‍රියාත්මක වන්නේ. ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.