එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය කඩුලු 07කින් ජය ගැනිමට ඉන්දියාව සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ අද්විතිය නාමයක් සනිටුහන් කළ ලසිත් මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය ද මෙයයි.
ලිඩ්ස්හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 264ක් රැස් කළා. වගකිම් සහගත ඉනිමක් ක්‍රිඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 113යි.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජයග්රාහි ඉලක්කය පසු කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ලෝකේෂ් රාහුල් ලකුණු 111ක් ලබා ගත්තා. රෝහිත් ශර්මා ලකුණු 103යි. එම ශතකයත් සමඟ ශර්මා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී වැඩිම ශතක වාර්තා කළ පිතිකරුවා බවට ද පත් වුණා. ඒ ශතක පහක් ලබා ගනිමින්. ඉන්දියාවට එරෙහිව අවසන් ලෝක කුසලාන තරගයට ක්‍රිඩා කළ ලසිත් මාලිංග කඩුල්ලක් බිද හෙලුවා. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභින් අතර කඩුලු 56ක් දවා ගනිමින් තුන්වන ස්ථානයේ පසුවන්නේ ලසිත් මාලිංගයි. ඒ පාකිස්තානයේ වසිම් අක්රම් කඩුලු 55ක් දවා ගනිමින් තබා තිබු වාර්තාව අභිබවා යමින්.
ඊයේ තරගයෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cmxxl5t1qx0&feature=youtu.be”]