මෙරට හැසිරීම අනුව බුදුදහම පිළිබද ලෝකය තේරුම් ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වාද්දුව, මොල්ලිගොඩ, දෙගම්බඩ මහා විහාරයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. මෙම විහාරස්ථානයේ බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
ඒ සදහා මුල්ගල් තැබූ අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ නා පැලයක් ද රෝපණය කළා. පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේට අධිකරණ සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් විශේෂ උත්සවයක් මෙම විහාරස්ථානයේ දී පැවැත්වුණා. මල්වතු පාර්ශ්වය මගින් කලුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය උන්වහන්සේට පිරිනැමුණා. ඒ සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීෂ්වර ධම්මානන්ද ගෞරව නාමය සහිතවයි.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ මෙන්ම කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Gq5VAbtW-Mg”]