fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක රටින් පිටව ගොස් ඇති බව CIDය නීතිපතිට දැනුම්දෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 18:20

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක රටින් පිටව ගොස් ඇති බව CIDය නීතිපතිට දැනුම්දෙයි

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති රටින් පිටව ගොස් ඇති බව රහස් පොලිසිය නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් කෝටි එක්දහස් එකසිය හතළිහක පාඩුවක් සිදු කළ බවට  ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලු 8 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා. ඔවුන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ උපදෙස් ලබා දුන්නා. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සභාපතිවරයා ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසන අවස්ථාවේදීයි ඔවුන් රටින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරු  විශ්වජිත් නන්දන දියලගොඩ යන දෙදෙනා  සිංගප්පූරුව බලා ඊයේ පෙරවරුවේ පිටත්ව ගොස් ඇතැයි  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට වාර්තා කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්