රටට ගැලපෙන්නේ නැති කිසිදු විදේශීය ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළා. රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උළෙලට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ.
රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය හා සමාප්ති උළෙල පැවැත්වුණේ බිබිල මහජන ක්‍රීඩාංගනයේදීයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසදුනු ගැටලු හදුනාගෙන ඒවාට විසදුම් ලබා දීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ජනාධිපතිතුමාගේ මගපෙන්වීම මතයි.
ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ පස්වැන්න මොනරාගල කේන්ද්‍ර කරගනිමින් පසුගිය පළමුවනදා ආරම්භ වුණා. එම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 නියෝජනය කරන ග්‍රාම නිලධාරී වසම් 319 ආවරණය කරමින් මෙම වැඩසටහන සතියක් පුරා ක්‍රියාත්මක වුවා. දිස්ත්‍රික්කයේ පුද්ගලයින් හාරලක්ෂ හැත්තෑ නව දහසකට ප්රතිලාභ රැසක් මෙම වැඩසටහන මගින් හිමිකර දීමට හැකිවුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කලේ මත්ද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට තමා නායකත්වය ගෙන කටයුතු කරන විට ඇතැම් පිරිස් එම ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් ඔවුන් ද එම ජාවාරමේ කොටස්කරුවන් ලෙස සිතන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/RwD8HoX93pw”]
අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lmYhGoY64jE”]
මේ අතර ස්මාර්ට් ශ්‍රී ලංකා මධ්‍යස්ථානය මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී විවෘත කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
වැල්ලවාය මූලික රෝහලේ වකුගඩු ඒකකය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. රුපියල් මිලියන 36 ක් මේ සදහා වැයකර තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ක වකුගඩු රෝගීන් 1500 කට ආසන්න පිරිසක් මේ වනවිට සිටිනවා. ඔවුන්ගේ ප්‍රතිකාර කටයුතු සහ රෝග නිවාරණය සදහා රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සමගාමීව මෙම ඒකකය පිහිටුවීම සිදුවුණා. ප්‍රති ආශ්රැතකරණ ජල පද්ධති 19 ක් පිහිටුවීම ද මේ යටතේ සිදුකර තිබෙනවා.