වසර ගණනාවක් තිස්සේ කළු ජූලිය ලෙස හැදින්වූ ජූලි මාසය සුදු ජූලියක් බවට පත් කිරීමට රජයට හැකිවූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
මාතර, පලිල්මුල්ල ප්‍රදේශයේ ඉදිකළ ලංකා සතොස මෙගා ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. මෙය ලංකා සතොස හාරසිය විසිදෙවන ශාඛාවයි. මාතර ප්‍රදේශයේ ජනතාවට වස විසෙන් තොර නව එළවළු හා පළතුර මිලදී ගැනීමේ හැකියාව ද මෙමගින් හිමිවනවා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/k2Sv6RUwfvQ”]