කිසිදු අන්තවාදයකට මේ රටේ ඉඩක් නැති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. හලාවත වැවිලි සමාගමට අයත් පළුගස්වැව වතුයායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පළුගස්වැව වතුයායේ කජු කැපුම් මධ්‍යස්ථානය මෙන්ම හයිබ්‍රිඩ් පොල්පැල තවාන ආදී ස්ථාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. මෙම අවස්ථාවට නලින් බණ්ඩාර, වඩිවෙල් සුරේෂ් යන නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම හෙක්ටර් අප්පුහාමි, ශාන්ත අබේසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wTtaL_W_two”]