එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 44 වන තරගය මෙයයි.
ලිඩ්ස්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඉන්දිය කණ්ඩායම ප්‍රසාද ලකුනු සටහනේ දෙවන ස්ථානයේත්, ශ්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ හයවන ස්ථානයේත් පසුවනවා. පිතකරුවන්ට වඩාත් යෝග්‍ය ලෙස තණතිල්ල සකසා තිබෙනවා.
අද (06) තරගයට කාලගුණයෙන් බාධා එල්ල නොවනු ඇති බවයි එරට කාලගුණ අංශ පවසන්නේ. මේ අතර ලෝක කුසලා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මෙරට වේලාවෙන් අද (06) පස්වරු 6ට ආරම්භ වනවා. ඒ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.