ආපදාවට ලක්වු මගී ප්රවාහන යාත්රාවක සිටි දස දෙනෙකු බේරා ගැනිමට නාවික හමුදාව සමත් වුණා.
යාපනය අර්ධද්වීපයේ පිහිටි කරප්පන් සිට අනලතිව් දූපත බලා ගමන් කරමින් තිබු යාත්රාවේ ලණුවක් පැටලිම හේතුවෙන් ආපදාවට පත්ව ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.
එහි සිටි පුද්ගලයන් කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව මුර යාත්රාවක් සහ ඩිංගි යාත්රාවක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා.