ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ කුරුණෑගල හා අනුරාධපුර ප්‍රදේශවල පාසල් ගොඩනැගිලි රැසක් සිසු අයිතියට පත් කෙරුණා.
රුපියල් ලක්ෂ 150 ක වියදමින් ඉදිකළ කුරුණෑගල වෙලගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. පුස්තකාලයක්, විද්‍යාගාරයක් ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙම ගොඩනැගිල්ල සමන්විතයි. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/j7slooxice4″]
අනුරාධපුර විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිලි තුනක් සිසු අයිතියට පත්කෙරුණා. ඒ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, පරිගණක මධ්‍යස්ථාන හා විද්‍යාගාර
ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙය සමන්විතයි. වැය කළ මුදල රුපියල් ලක්ෂ 400 ක්.