රට සංවර්ධනය කරා ගෙන යාම සදහා වත්මන් රජය ගෙන යන වැඩපිලිවෙල අභියෝග හමුවේ ඉදිරියටම ගෙන යායුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙහිඹ්විට, මාගම්මන පැවති ජාතික යොවුන් පෙරමුණේ සාමාජික සාමාජිකාවන්ගේ හමුවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා සදහන් කළේ සියලු දෙනා එක්ව අලුතින් සිතා වැඩ කරන්නේ නම් වසර 5 ක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ දියුණුම රට බවට පත් කර ගත හැකි බවයි.
රුවන්වැල්ල, දැරණියගල, සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. මේ අනුව රුවන්වැල්ල, කහන්තොට විසල් පානීය ජල යෝජනා ක්රමයේ වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
රුවන්වැල්ල, කහන්තොට, සුලෙයිමානියා මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිහං මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ එය මහල් දෙකකින් සමන්විතවයි ඉදිකර ඇත්තේ.
රුවන්වැල්ල බස්නැවතුම්පොල හා ක්‍රීඩාංගන වටරවුම්පාර කාපට් අතුරා සංවර්ධනය කිරිම රුවන්වැල්ල රාජකීය මධ්‍ය මහා විද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල ද සිසු අයිතියට පත් කිරිමද අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැරණියගල නියනවිට කොස්ගස්කන්ද මහා විද්යාරලයේ අලුතින් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම, දැරණියගල නගරයේ පිහිටි සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම මෙන්ම දැරණියගල බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
දෙහිඕවිට මාගම්මන සදරැස් නිවසේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පෙරමුණේ සාමාජික සාමාජිකාවන් හමු වුණා. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනිමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන්න මහත්මිය ඇතුළු පළාත් පාලන නියෝජිතයන් මෙන්ම ජාතික යොවුන් පෙරමුණේ සාමාජිකාවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Y3VbxD5Yn-g”]