fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඹතලේ තොටලඟ මාවතේ වාහන ගමනා ගමනය සීමා කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 11:25

අඹතලේ තොටලඟ මාවතේ වාහන ගමනා ගමනය සීමා කෙරේ

අඹතලේ තොටලඟ මාවතේ වාහන ගමනා ගමනය සැප්තැම්බර් 30 වනදා දක්වා සීමාකර ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ වැල්ලම්පිටිය පොලිස් වසමේ අඹතලේ තොටළඟ මාවතේ කලු පාලමේ අළුත්වැඩියාවක් හේතුවෙන්.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. අඹතලේ තොටලඟ මාර්ගයෙන් පැමිණෙන වාහන වලට කොහිලවත්ත මංසන්ධියෙන් වමට හැරී පරණ අවිස්සාවේල්ල මාර්ගයෙන් ඔරුගොඩවත්ත දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

අඹතලේ තොටලඟ මාර්ගයේ පැමිණෙන වාහන වලට කටුපැලැල්ල මාර්ගයෙන් පරණ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ ඔරුගොඩවත්ත හන්දිය දෙසට ගමන් කළ හැකිවනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo