එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට තිබු අවසන් අවස්ථාවද පාකිස්තාන කණ්ඩායමට අහිමි වුනා. බංග්ලාදේශයට එරෙහි තරගයේදී ඔවුන්ට අවශ්‍ය දල ලකුණු ලබා ගැනිමේ වේගය පවත්වාගත නොහැකිවීම හේතුවෙන්.
ලෝඩ්ස්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලකුණු 315ක් රැස් කළා.ඒ අනුව පාකිස්තානයට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට නම් බංග්ලාදේශය ලකුණු 7කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරිමට සිදු වුණා. ඒ ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානයේ පසුවන නවසිලන්තයේ දළ ලකුණු ලබා ගැනිමේ වේගය අභිබවා යාමටයි.
කෙසේ වෙතත් පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානයට ඒ සදහා ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් පන්දුවාර හතලිස් හතරයි පන්දු එකක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 221ක් ලබා ගත්තා.
ඒ අනුව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඔස්ටේ්රලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ එංගලන්තය සමත් වුණා.