fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාස දස දහසක් ඉදිරි මාස හයේ දී වතු ජනතාවට

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 09:32

නිවාස දස දහසක් ඉදිරි මාස හයේ දී වතු ජනතාවට

2020 වනවිට වතු නිවාස දස දහසක් ජනතා අයිතියට පත්කරන බව අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ප‍්‍රකාශ කළා.

මේ වනවිට වැඩ නිම කර ඇති නිවාස සංඛ්‍යාව 8133 ක්. වත්මන් රජය වතුකරයේ ජනතාවට විශාල සේවාවක් ඉටුකර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. 2020 දී තවත් නිවාස දස දහසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමයි සැලසුම.

බදුල්ල, රත්නපුර, කෑගල්ල, දෙණියාය, මාතර, මහනුවර ඇතුලු ප‍්‍රදේශවල නිවාස ඉදිකිරීමේ කටයුතු කි‍්‍රයාත්මක බවයි පලනි දිගම්බරන් මහතා පෙන්වාදෙන්නේ. වතු සේවක වැටුප රුපියල් පනහකින් වැඩි කිරීමේ පොරොන්දුව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්