fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරණ දඬුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 14:58

මරණ දඬුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

බන්ධනාගාර කොමසාරිස්වරයා හා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා මගින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඔක්තෝම්බර් 30 වනදා තෙක් එය ක්‍රියාත්මකයි. මේ අතර  පාර්ලිමේන්තුවට  පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එමින් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඉල්ලා සිටියේ මරණ දඩුවම අහෝසි කරන ලෙසයි.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කළේ ඒ පිළිබද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයෙන් අනතුරුවයි. නීතීඥ කේ එච් දීගනගේ මහතා පෙත්සම ගොනුකර තිබුණා. අදාළ පෙත්සම ඔක්තෝම්බර් 29 වනදා යළි කැදවීමට නියමිතයි.

මේ අතර  මරණ දඩුවම නියම වූ කිසිදු සිරකරුවෙකු ලබන 17 වනදා තෙක් එල්ලා මරන්නේ නැති බවට බන්ධනාගාර කොමසාරිස්වරයා අභියාචනාධිකරණය හමුවේ අද(05) පොරොන්දු වුණා. මරණ දඩුවම සම්බන්ධ කිසිදු ලේඛනයක් මේවනවිට තමන් වෙත ලැබී නැති බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කළා. ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අධිකරණයට දැනුම් දෙන බවද ඔහු කියා සිටියා.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකළ රීට් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මෙම පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබද නියෝගයද ලබන 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පෙත්සම ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සහ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේද නැද්ද පිළිබද තීරණය ද එදින ලබාදීමට තීරණය කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මරණ දඩුවම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකලා.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo