බන්ධනාගාර කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මගින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එම අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් මස 30වනදා තෙක් බලපැවැත්වෙනවා. පෙත්සම යළි ඔක්තෝබර් 29 වනදා කැදවීමටයි නියමිත.
වගඋත්තරකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි ද නිකුත් කෙරුණා. ශ්‍රේෂ්ඨාදිකරණය මෙම නියෝගය නිකුත් කළේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් නිතිඥ කේ එච් දීගනගේ මහතා ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.