අතකොටාට බරපතල වැඩි සහිත වසර 24 ක සිර දඩුවම්
Related Articles
අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වූ දැරණියගල ප්රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා නැමැත්තාට බරපතල වැඩි සහිත වසර 24 ක සිර දඩුවම් නියම වුණා.
ඒ කොළඹ මහාධිකරණයේදී. 2007 වසරේ ජුලි මාසයේදී වීථි රේඛා සහතිකයක් ලබාදීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබාගැනීම ඇතුලු චෝදනා 4 කට ඔහු වරදකරු වී තිබෙනවා.
සිර දඩුවමට අමතරව රුපියල් විසිදහසක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේනම් තවත් වසර 4 ක සිර දඩුවමක් ක්රියාත්මක බවයි දැනුම් දුන්නේ. මෙම අතකොටා නැමැත්තා නූරිවත්ත වතු අධිකාරී ඝාතනයට අදාල නඩුවට වරදකරු වී මේවන විට මරණ දඩුවම නියමවයි සිටින්නේ.