fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අක්මීමන වෙඩිතැබීමට සම්බන්ධ සෙබලා ගැන යුද හමුදාවෙනුත් පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 11:56

අක්මීමන වෙඩිතැබීමට සම්බන්ධ සෙබලා ගැන යුද හමුදාවෙනුත් පරීක්ෂණයක්

අක්මීමන මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයෙකුට වෙඩිතැබූ සෙබලා සම්බන්ධයෙන් යුද හමුදාව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

යුද හමුදාවේ කණ්ඩායමක් විමර්ශන මෙහෙය වන බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ. අක්මීමන පොලීසිය ද වෙනමම විමර්ශනයක් කි‍්‍රයාත්මක කරනවා.

උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් තුන් දෙනෙකුගේ පියෙකු වන 39 හැවිරිදි පුද්ගලයා ඊයේ (04) දහවල් බලහත්කාරයෙන් පාසලට ඇතුලුවීමට උත්සාහ කිරීමේදී එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබලුන් දෙදෙනෙකු ඔහුව වැළැක්වීමට උත්සාහ ගත්තා. ඉන් අනතුරුව මෙම පුද්ගලයා හමුදා නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම අවස්ථාවේ හමුදා සෙබලා මෙම පුද්ගලයාට වෙඩිතබා තිබෙනවා. බරපතල තුවාල ලැබූ ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියගිය මෙම පුද්ගලයා කලක් නාවික හමුදාවේ ද සේවය කර ඇති බව පරීක්ෂණ වලින් හෙලිවුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්