fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ජය ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 11:30

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ජය ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ වෙස්ලි විද්‍යාලය සමග පැවති තරගය ලකුණු 26ට 21ක් ලෙස ජයග්‍රහණය කිරිමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය  සමත් වුණා.

රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 12ක් ලබා සිටියා. එම අර්ධයේදී වෙස්ලි විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 07ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය නිමාවන විට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 26ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 04ක් සහ ප්‍රවර්තන 03ක්  ඇතුලත්. ඒ වන විට  වෙස්ලි විද්‍යාලය ලබා සිටියේ  ලකුණු 21ක් පමණයි.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 11:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්