වත්මන් රජය අධ්‍යාපන විප්ලවයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ විවෘත කිරීම් කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත්කෙරෙන අතර තවත් ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීම ද සිදුවනවා. ඉන් කිහිපයක කටයුතු අද පෙරවරුවේ සිදුකෙරුණා.මේ අනුව රුවන්වැල්ල , කහන්තොට විසල් පානීය ජල යෝජනා ක්රමයේ වැඩ ආරම්භ කෙරුණේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙමගින් විශාල පිරිසකට පානීය ජලය සැපයෙනවා. කලක් තිස්සේ ප්‍රදේශ රැසක ජනතාව මුහුණපෑ ජල ගැටලුවට ඉන් විසදුම් ලැබෙනවා.
මේ අතර රුවන්වැල්ල , කහන්තොට , සුලෙයිමානියා මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. එය මහල් දෙකකින් සමන්විතයි.
රුවන්වැල්ල බස්නැවතුම්පොල හා ක්‍රීඩාංගන වටරවුම්පාර කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. එම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bahkmiDJT88″]