බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අදින් ආරම්භ වනවා. මාර්ග අනතුරු අවම කරගැනීමේ අරමුණින් මෙහෙයුම කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.
මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1984 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. තොරතුරු ලබාගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී පියවර ගත්තා. එම මෙහෙයුම් මැදිරියේ නිලධාරීන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුබද්ධිතව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ස්ථාපිත කර ඇති අතර, ඔවුන් මත්ද්‍රව්‍ය තොරතුරු මෙහෙයුම් මැදිරියේ රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවයි පොලීසිය පවසන්නේ. ඒ අනුව මින් ඉදිරියට මත්ද්‍රව්‍ය පිළිබඳ සියලු තොරතුරු 1984 ට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජනතාවට දැනුම් දෙනවා.