fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

21 වන සියවස ජයගත හැකි අධ්‍යාපන නවීකරණයක් සිදුකරන බවට අගමැතිගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 18:54

21 වන සියවස ජයගත හැකි අධ්‍යාපන නවීකරණයක් සිදුකරන බවට අගමැතිගෙන් සහතිකයක්

21 වන ශතවර්ෂයේ අභියෝග ජය ගනිමින් තාක්ෂණයට මුහුණ දිය හැකි පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපනය නවීකරණයට ලක්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දිවයින පුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීමේ ජාතික මහෝත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දීයි උත්සවය පැවැත්වුණේ.

මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හදුන්වාදී ඇති දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොදම පාසල වැඩසටහන යටතේයි පාසල් ගොඩනැගිලි ලබාදීම සිදු කෙරුණේ. දිවයින පුරා පාසල් ගොඩනැගිලි 250 ක් විවෘත කිරීම මේ යටතේ සිදු කෙරුණා. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සංවර්ධන ව්‍යාපෘති 200 ක් එකවර විවෘත කිරීම සිදුවූයේ පසුගිය මාර්තු මාසයේදියි. අද ක්‍රියාත්මක වන්නේ එහි දෙවන අදියරයි. දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4500 ක්. පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය වෙත පැමිණි අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ දෙවන අදියරේ සමරු ඵලකය නිරාවරණය කිරීම අග්‍රාමත්‍යවරයා  අතින් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. මේ යටතේ නව ශ්‍රවණාගාරය  , සුහුරු පන්තිකාමර ,දේශන ශාලා ආදිය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නා පැලයක් රෝපණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්වුණා.

ගුරු විද්‍යායතනවලට, ගුරු මධ්‍යස්ථානවලට, ලැප් ටොප් සහ මුද්‍රණ යන්ත්‍ර ලබාදීම ද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

එම්.එච්.ඒ හලීම් ,රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්