fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂෙයික් හසීනා ඝාතනයට උත්සාහ කළ නව දෙනෙකුට මරණ දඬුවම

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 19:08

ෂෙයික් හසීනා ඝාතනයට උත්සාහ කළ නව දෙනෙකුට මරණ දඬුවම

මීට වසර 24කට පෙර වර්තමාන බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඝාතනයට තැත් කළ විපක්ෂ ක්‍රියාකාරීන් නව දෙනෙකුට අද මරණ දඩුවම හිමිවුණා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් 25 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දීමටයි එරට අධිකරණය තීරණය කළේ.

1994 වසරේ දී ෂෙයික් හසීනා  විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරමින් සිටියා. මගී දුම්රියකින් ගමන් කරමින් සිටියදී එම දුම්රියට වෙඩි ප්‍රහාර සහ අත්බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ඇය ඝාතනය කිරීමට සැලසුම් කළ බවටයි සැකකරුවන්ට චෝදනා එල්ලවුණේ. ඉන් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලැබුවා. කෙසේ වෙතත් එම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරියට කිසිදු හානියක් සිදුවූයේ නැහැ.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්