fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීගිරිය පරිශ‍්‍රයේ අනවසර කැනීම් සිදුකළ පස් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 15:27

සීගිරිය පරිශ‍්‍රයේ අනවසර කැනීම් සිදුකළ පස් දෙනෙකු අත්අඩංගුවට

සිගිරිය පරිශ‍්‍රයේ අනවසර කැනීම් සිදුකළ පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තල්කොටේ ග‍්‍රාමසේවා වසමට අයත් සියඹලන්කොරටුව යාය ප‍්‍රදේශයේදි.

නටඹුන් සහිත ස්ථානයක අනවසර කැනීම් සිදුකර ඇති බවයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාතයාංශය ප‍්‍රකාශ කළේ.

කැනීම් සදහා භාවිත කළ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිගිරිය පුරා විද්‍යා කාර්යාලය සහ සීගිරිය පොලිසියයි විමර්ෂණ සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්