fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරණ දඩුවමට එරෙහිව ගොනුකළ රීට් පෙත්සමේ වැඩිදුර විභාගය හෙටට කල්යයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 14:54

මරණ දඩුවමට එරෙහිව ගොනුකළ රීට් පෙත්සමේ වැඩිදුර විභාගය හෙටට කල්යයි

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම හෙටට (05) කල්තැබුණා. ඒ අභියාචනාධිකරණයේදී අද (04) පෙත්සම කැදවූ අවස්ථාවේදීයී.

මෙම පෙත්සම ඊයේ (03)  දිනයේදී ද අභියාචනාධිකරණය හමුවේ සළකා බැලුවා. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බවයි.

ජනාධිපතිවරයා සිදු කරන්නේ පුද්ගලයෙකුට පනවා ඇති මරණ දඩුවම ක්‍රියාත්මක කරන දිනය වේලාව සහ ස්ථානය නියම කිරීම පමණක් බව ඔහු පෙන්වා දුන්නා. මෙම පෙත්සම හරහා ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් ප්‍රශ්න කිරීමකට බදුන් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර්ජෙනරාල්වරයා මූලික විරෝධතා ගොනු කරමින් කියා සිටියා.

පෙත්ම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවටද ඔහු පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්